විශේෂාංග

පුවත්

විශේෂාංග

Latest Updates

ගුවන්තොටුපල සිවිලිමට හානි.

April 15, 2018


කටුනායක ගුවන් තොටුපල ආගමන විගමන කාර්යාලයේ සිවිලිමේ කොටසක් සිකුරාදා දින අධික වර්ශාවත් සමග කඩාවැටී තිබෙනවා

ගුවන්තොටුපල නිලධාරියෙකු ප්‍රකාශ කරේ සිදුවීමත් සමග අලුත්වැඩියා කටයුතු සඳහා ආගමන විගමණ කවුළු දහයෙන් තුනක් වසාදැමූ බවයි.

මීට පෙරත් අවස්ථා ගනනාවකදී අධික වර්ශාවත් සමග ගුවන්තොටුපලේ සිවිලිම් කඩාවැටීම් සිදුවූ බව ගුවන්තොටුපල නිළදාරියා ප්‍රකාශකරා.

කෙසේනමුත් ස්ථීර විසදුමක් දීමට නිළදාරීන් තවමත් අසමත්වී තිබෙනවා.

අදාල නිළධාරියා පැවසූවේ මෙවැනි සිදුවීම් සංචාරක ව්‍යාපාරයට අයහපත් ලෙස බලපෑහැකි බවයි.

LTTE Attack on BIA

April 15, 2018

Tamil rebels on 07-24-2001 staged a suicide attack against Sri Lanka's tightly-guarded international airport and the adjoining air base, destroying 13 aircraft and leaving 20 people dead.
An estimated 15 to 20 guerrillas of the separatist Liberation Tigers of Tamil Eelam (LTTE) penetrated the air force base at Katunayake and went on to bomb aircraft at the Bandaranaike international airport.
The defence ministry said at least 13 rebels were killed while seven security personnel also died at the airport and the airbase.Another 12, including four civilians were wounded. No foreign tourists were hurt.
Both the airport and the airbase which share a common perimeter were closed after the attack as an inquiry was launched into how Tigers managed to breach two high-security zones that are among the most tightly guarded.

ලොව විශාලතම ගුවන් යානය

April 15, 2018

ලොව විශාලතම ගුවන් යානය වන Antonov a255 යානය සෝවියට් දේශය විසින් නිපදවූයේ සෝවියට් අභ්‍යවකාශ වැඩසටහනේ ෂටල යානා ප්‍රවාහනය කිරීමට බව ඔබ දැන සිටියාද?

ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අධ්‍යක්ශ මණ්ඩලයක්

April 15, 2018

ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අධ්‍යක්ශ මණ්ඩලයක් 2018-04-02 දින පත්කර ඇති බව ශ්‍රීලංකන් ආරංචි මාර්ග මගින් වාර්ථා වෙනවා.

රංජිත් ප්‍රනාන්දු මහතා සභාපති ලෙසත් මනෝ තිත්තවැල්ල, සුසන්ත කටුගම්පල, ආචාර්‍ය රොෂාන් පෙරේරා සහ එයා මාෂල් කපිල ජයම්පති අධ්‍යක්ශවරුන් ලෙසත් පත්කර තිබෙනවා.

ශ්‍රීලංකන් ගුවන් සේවයට හවුල්කරුවෙක් සෙවීම අතහර දමයි.

April 15, 2018


ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහා විදේශීය හවුල්කරුවෙක් සෙවීම රජය විසින් අතහැර දමා තිබෙනවා.

තොරතුරු මාර්ග වලට අනුව නවතම සලසුම වී ඇත්තේ ශ්‍රීලංකන් ගුවන් සේවය රාජ්‍ය-පෞද්ගලික ව්‍යාපාරයකට භාරදීමයි.

තොරතුරු අනුව වෘත්තීය සමිති, ශ්‍රීලංකන් සේවකයන් සහ රාජයේ උපදේශකවරුන්ගේ අදහස් විමසීමෙන් අනතුරුව මෙම තීරණයට එලඹ තිබෙනවා.

අකාර්යක්ශම කළමනාකාරීත්වය ශ්‍රීලංකන් ගුවන් සේවය පාඩු ලැබීමට හේතුවයි - රවී කරුණානායක.

April 15, 2018
ශ්‍රීලංකන් ගුවන් සමාගමට ලාභදායක ගමනක් යෑමට නොහැකිවී ඇත්තේ එහි අකාර්යක්ෂම කළමනාකාරීත්වය හේතුවෙන් බව එක්සත් ජාතික පක්ශ මංත්‍රී රවී කරුණානායක මහතා පසුගියදා ප්‍රකාශ කරා.

මාධ්‍යවේදීන්ට ඔහු ප්‍රකාශ කර සිටියේ අධ්‍යක්ශ මණ්ඩලයට දක්ශ නිලධාරීන් කණ්ඩායමක් පත්කිරීමෙන් ප්‍රශ්නය නිරාකරනය කිරීමට හැකි බවයි.

"අධ්‍යක්ශ මණ්ඩලය අමාත්‍යවරයා දැනුවත් කිරීමකින් තොරව තීරණ ගන්නවා" යි මංත්‍රීවරයා ප්‍රකාශ කරේය.

ශ්‍රී ලංකාවේ ප්‍රථම ගුවන් සේවිකාව

April 15, 2018
1947 දෙසැම්බර් 10 දින "සීතා දේවී" ලෙසින් නම්කරනු ලැබුනු ඩග්ලස් DC3 ඩැකෝටා ගුවන් යානය නියමු මැදිරියේ කපිතාන් පීටර් ප්‍රනාන්දු මහතාද සහිතව පලාලි හරහා මදුරාසිය වෙත එයා සිලෝන් හි ප්‍රාරම්භක ගුවන් ගමන සදහා සූදානමින් පැවතුනි.
අවාසනාවන්ත පනිවිඩය ලැබුනේ මේ අතරවාරයේදීය
ගුවන් ගමන සදහා නම්කර තිබූ ගුවන් සේවිකාව හදිසි අසනීප තත්වයකට ලක්ව තිබිනි.
එම අවස්ථාවේ ගනු ලැබූ තීරණයක් මත එයා ලංකා ආයතනයේ පිළිගැනීමේ නිලදාරිනියක් ලෙස එවකට සේවය කරමින් සිටි මේවිස් විජේරත්න මෙනවියට ගුවන් සේවිකාවක ලෙස එම ගමනට එක්වීමට හැකිවිය.
ශ්‍රීලංකාවේ ගුවන් ගමන් සේවා ඉතිහාසයේ තම නම සටහන්කරගනීමට අහම්භයකින් ඉඩ ප්‍රස්ථාව ලැබූ මේවිස් විජේරත්න මෙනවිය එම ගුවන් ගමනින් පසු නැවත ඇයගේ සුපුරුදු රැකියාවේ නිරත වූ අතර නැවත කිසිදිනක ගුවන් සේවිකාවක ලෙස ක්‍රියා නොකළාය.
මේවිස් විජේරත්න මෙනවිය 2011 අප්‍රියල් මසදී දිවි ගමනට සමු දුන්නාය.
 
Copyright © Ceylon Aviator. Designed by OddThemes