ශ්‍රී ලංකාවේ ප්‍රථම ගුවන් සේවිකාව

1947 දෙසැම්බර් 10 දින "සීතා දේවී" ලෙසින් නම්කරනු ලැබුනු ඩග්ලස් DC3 ඩැකෝටා ගුවන් යානය නියමු මැදිරියේ කපිතාන් පීටර් ප්‍රනාන්දු මහතාද සහිතව පලාලි හරහා මදුරාසිය වෙත එයා සිලෝන් හි ප්‍රාරම්භක ගුවන් ගමන සදහා සූදානමින් පැවතුනි.
අවාසනාවන්ත පනිවිඩය ලැබුනේ මේ අතරවාරයේදීය
ගුවන් ගමන සදහා නම්කර තිබූ ගුවන් සේවිකාව හදිසි අසනීප තත්වයකට ලක්ව තිබිනි.
එම අවස්ථාවේ ගනු ලැබූ තීරණයක් මත එයා ලංකා ආයතනයේ පිළිගැනීමේ නිලදාරිනියක් ලෙස එවකට සේවය කරමින් සිටි මේවිස් විජේරත්න මෙනවියට ගුවන් සේවිකාවක ලෙස එම ගමනට එක්වීමට හැකිවිය.
ශ්‍රීලංකාවේ ගුවන් ගමන් සේවා ඉතිහාසයේ තම නම සටහන්කරගනීමට අහම්භයකින් ඉඩ ප්‍රස්ථාව ලැබූ මේවිස් විජේරත්න මෙනවිය එම ගුවන් ගමනින් පසු නැවත ඇයගේ සුපුරුදු රැකියාවේ නිරත වූ අතර නැවත කිසිදිනක ගුවන් සේවිකාවක ලෙස ක්‍රියා නොකළාය.
මේවිස් විජේරත්න මෙනවිය 2011 අප්‍රියල් මසදී දිවි ගමනට සමු දුන්නාය.

Share this:

Post a Comment

 
Copyright © Ceylon Aviator. Designed by OddThemes