ගුවන් ගමන් පාලන කුළුනේ විශේෂ හැඩය



ලෝකය පුරා ඇති විශාල ගුවන්තොටුපල සියල්ලම යම් පමනකින් හෝ එකිනෙකට වෙනස්කම් දක්වයි.මේ සියල්ලෙහි වෙනස් නොවන එකම සාදකය වන්නේ ගුවන් ගමන් පාලන කුළුනයි.මෙම කුළුනු වල පිටත වීදුරු සෑම විටම පොලව දෙසට නැඹුරු වන ආනතියකින් සවිකර ඇති බව ඔබ නිරීක්ෂනය කර තිබේද?
බොහොමයක්දෙනා සිතන්නේ හිරුගේ කිරණ ගුවන් නියමුවන්ගේ දෑස් වලට පරාවර්ථනය වීමෙන් සිදුවන අපහසුතාවය මගහැරවීමට මෙලෙස මෙය නිමකර ඇති බවයි.
ඇත්ත වශයෙන්ම මෙයින් සිදුවන්නේ කුළුන ඇතුලත ආලෝක ප්‍රභවයන් මගින් ඇතිවන පිලිඹිබුවන් ගුවන් ගමන් පාලකවරුන්ගේ දෑස් මතට එල්ල වීමෙන් දර්ශන පථයට සිදුවන බාදාව වැලැක්වීමයි.අංශක 15 ක ආනතිය නිසා සියලු ප්‍රතිබිම්බයන් සිවිලිමට යොමුවන අතර සිවිලිම කලු පැහැයෙන් වර්නගන්වා ඇති නිස සිවිලිමෙන් කිසිදු පරාවර්ථනයක් සිදු නොවේ

Share this:

 
Copyright © Ceylon Aviator. Designed by OddThemes